Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

පාසල් වහලා, ගස් කඩා වැටිලා, 17ක් රෝහලේ, 05ක්අතුරුදන් - ආපු මහ සුළඟට ලංකාවම කැළඹුණේ මෙහෙමයි (VIDEOS/PHOTOS)

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද සුළං තත්ත්වය හේතුවෙන් දේපොළ හානි රැසක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහිදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ ඇති වී තිබෙන ගැඹුරු අවපීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මීටර් 80ක් දක්වා ඉහළ යා හැකි බවයි.

දිවයිනේ දකුණු පළාතට අයත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඊයේ (29දා) රාත්‍රියේ සිටම වර්ෂා සහිත කාලගුණයක් පැවති අතර, එම තත්ත්වය වර්ධනය වී දැඩි සුළං තත්ත්වයක්ද හටගෙන තිබුණි.

එහිදී, ඇතැම් ස්ථානවල ගස් කඩා වැටීම් හේතුවෙන් ගාල්ල, හබරාදූව, හීනටිගල, නාගොඩ, යටලමත්ත ආදී ප්‍රදේශවල විදුලි බලයද ඇණහිට තිබූ බව වාර්තා විය.

එමෙන්ම, නුගේගොඩ හා තදාසන්න නගර කිහිපයකද විදුලිය ඇණහිටීම් වාර්තා විය. මේ අතර, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම් හේතුවෙන් අවහිර වී ඇති අතර, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව එම ස්ථාන යථා තත්ත්වයට පත් කරමින් සිටි බවද කියවුණි.

මාතර දිස්ත්‍රික්කයේද ප්‍රදේශ රැසකට මෙම දැඩි වර්ෂාව හා දැඩි සුළං තත්ත්වයෙන් බලපෑම් එල්ල කර තිබූ අතර, විදුලිය විසන්ධි වීම්ද වාර්තා විය.

වැසි හා තද සුළං සමග සිදුවූ ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනකු රෝහල්ගත කර තිබේ.

කොළඹ අවට සිදුවූ ආපදා තත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ගස් කඩාවැටීම හේතුවෙන් මෙම පිරිස තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

තුවාල ලැබූවන් 5 දෙනකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, තුවාල ලැබූ තවත් එක් අයෙක් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතිබවත් වාර්තාවේ.හික්කඩුව මුහුදු තීරයේදී බෝට්ටු 2ක් පෙරලීමෙන් පුද්ගලයින් 5 දෙනකු අතුරුදන් වී තිබේ.ඔවුන් සොයා මේ වනවිට නාවික හමුදාව මගින් මෙහෙයුමක් කි‍්‍රයාත්මකයි.

මේ අතර අධික සුළං සහ වර්ෂාව නිසා බස්නාහිර,ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වල ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පළාතේ සියලුම පාසල් 30 වැනි දා වසා දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා කියයි.

දිවයිනේ නිරිත දෙසින් පැවැති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර් 200 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම තොරතුරු අනාවරණය කරයි.

ඒ අනුව එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර 90ත් 100ත් දක්වා වැඩි විය හැකි බවද සඳහන් .

මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වෙනු ඇති.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රථ මුහුදු ප්‍රදේශ තවදුරයත් බලාපොරොත්තු විය හැකි බවද එම වාර්තා සඳහන් කරයි.

දකුණ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇති විය හැකියි.




No comments:

Post a Comment