Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, November 30, 2017

දිස්ත්‍රික් 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ වනවිට ගාල්ල ,මාතර ,රත්නපුර,නුවර එළිය ,බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇත..

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ,නාගොඩ යක්කලමුල්ල,බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර හා කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ,කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද, මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව සහ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වැලිමඩ සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමෙ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇති බව සඳහන්.

විශේෂයෙන් එම දිස්ත්‍රික්කවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නාය යෑමේ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ වල ජීවත්වන ජනතාව පවතින වැසි සහිත තත්වය අඛණ්ඩව පැවතුනහොත් එම ප්‍රදේශ වලින් ඉවත් වියයුතු බවත් ජනතාවට දැනුම් දෙයි.

පවතින වැසි සමඟ ඉදිරියේදී ඇතිවීය හැකි ඕනෑම ආපදා තත්වයකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ඒකකද සූදානම් කර ඇත.

No comments:

Post a Comment