Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, October 30, 2017

ලංගම බස් එකෙන් දඹුල්ලෙ ඉඳලා ඇමරිකාවෙ කොළොම්බියාවටම යන්න දැන් රුපියල් හතලිහයි. මගියෙකුට සිදු වූ අපූරු සිදුමක්..!

මීට දවස් කිහිපයකට කලින් තෙල්දෙණියේ සිට වව්නියාව දක්වා ගමන් ගන්නා බස් රථයකින් මගියෙකුට නිකුත් කරපු ටිකට් පතක් මේ වෙද්දි සමාජජාල වෙබ් අඩවි තුල ගොඩක් කතා බහට ලක්වෙනවා.

දඹුල්ලෙන් බස් රථයට ගොඩවුන මේ මගියගේ ගමනාන්තය වුනේ කොහොඹිලිවැව කියන ප්‍රදේශය. ඒ වෙනුවෙන් රුපියල් රුපියල් 40 ක මුදලක් කොන්දොස්තර මහත්තයට ගෙවුව මේ පුද්ගලයට ටිකට්පතකුත් ලැබුනා. හැබැයි ඒ ටිකට් පතේ ගමනාන්තය විදියට සඳහන් වෙලා තිබුනෙ කොහොඹිලිවැව කියලනම් නෙවෙයි. ඒ වෙනුවට තිබුනෙ කොලොම්බියාව කියලා.

මේ බස් රථයේ යන්ත්‍රයක් මගින් ටිකට් නිකුත් කරපු නිසා එම යන්ත්‍රයට දත්ත ඇතුළත් කිරීමේදී ඇති වූ වැරදීමක් නිසා මේ සිද්ධිය වුනා කියලා තමයි තෙල්දෙණිය ඩිපෝවෙන් දැනගන්න ලැබෙන්නෙ.

No comments:

Post a Comment