Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, September 1, 2017

ඔබත් ඔබේ දරුවාට නෑදෑයන් සිප ගැනීමට බල කරනවාද?

අනේ පුතා මේ ආන්ටිට කිස් එකක් දෙන්න…

බැහැ..අම්මි ….

ඔන්න නෝටි බබෙක් වෙන්න එපා. පවුනේ…..

ඔබේ කුඩා දරුවා කවුරුහරි සිපගන්න අකමැති වෙලාවක ඔබත් මෙහෙම කියල ඇති. අවසානයේ ඔහුගේ පුංචි කමට ඔබේ බලකිරීම මත සිප ගන්නවත් ඇති. නමුත් ඔබ කවදාවත් හිතුවද මෙය දරුවට කොයි තරම් අයහපත් දෙයක්ද කියල?

ඔබේ කුඩා දරුවා කවුරුහරි සිපගන්න අකමැති වෙලාවක ඔබත් මෙහෙම කියල ඇති. අවසානයේ ඔහුගේ පුංචි කමට ඔබේ බලකිරීම මත සිප ගන්නවත් ඇති. නමුත් ඔබ කවදාවත් හිතුවද මෙය දරුවට කොයි තරම් අයහපත් දෙයක්ද කියල?

ඔබේ දරුවා ලොකු වෙද්දී දරුවාගේ ශරීරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති විය යුතුයි. ඔවුන්ව අකමැත්තෙන් කවුරු හරි ස්පර්ශ කරනවා නම් එයට විරුද්ධ වීම අයිතියක් ඔබේ දරුවට තිබෙන බව තේරුම් ගත යුතුයි. මේ විදිහට දරුවාගේ අකැමැත්තෙන් කවුරු හරි සිප ගන්න බල කරනවා කියන්නේ, තමාගේ සිරුරේ ඇති පුද්ගලිකත්වය ගැන ඇති හැගීම වෙනස් වෙනවා. මේ වරද කරන්න එපා. තරුණ කාලේදී වගේම කුඩා කාලෙදිත් දරුවාගේ ශරීරයේ පුද්ගලිකත්වයට ගරු කළ යුතුයි.

∗ අපචාරයකට අත වැනීමක් විය හැකියි ………….

දරුවන් හැම විටම වැඩිහිටියන්ට ගරු කරන්නට අනුබල දෙන අපේ සමාජයේ දරුවට ඒ ගෞරවය පෙරලා ලබා දෙන්න වැඩිහිටියෝ උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා පුංචි පැන්චන්ගේ තීරණ ගැන සලකන්න ඔබ බුද්ධිමත් වැඩිහිටියෙක් නම් වග බලා ගත යුතුයි. දරුවෙක් වැඩිහිටියෙක් සිප ගන්න අකමැති වුන පමණින් තීරණය කරන්න බැහැ ඔහු / ඇය මේ වැඩිහිටියාට ආදරේ නැහැ කියල. එහි තේරුම මොනවා හරි දෙයකට මේ වෙලාවේ තමන්ව සිප ගන්නවට අකමැතියි කියන එකයි. අපි එම තීරණයට ගරු කළ යුතුයි.

බලෙන් දරුවාගේ ශරීරය පාවිච්චි කරන්න අනුබල දීම මතු දිනක ළමා අපචාරකයෙක්ට ඔබ සපයා දෙන පාලමක් විය හැකියි. තමන්ගේ ශරීරය ගැන අයිතියක් “නැහැ” කියන්න ශක්තියක් නැති දරුවෙක් ලොකු වෙලා උනත් ලිංගික අපයෝජනයකට ලක් වෙන ඉඩ වැඩියි. කිසිම විටක බලෙන් වැඩිහිටියන් සිප ගැනීමට පොළඹවන්න එපා.

∗ මෙවැනි අවස්ථාවක තත්වය සමනය කරන පිළිවෙල………..

අපේ රටේ මෙවැනි දේවල් බොහොම නරක විදිහට ගන්න වැඩිහිටියෝ තමයි ගොඩක් ඉන්නේ.

“ අපෝ අර අපේ අක්කගේ මිනිබිරී , අම්ම වගේමයි. මට හාද්දක් දුන්නේ නැහැ. “ වගේ නපුරු වචන කියාවි.

ඔබ මෙහිදී තේරුම් ගත යුතු දේ තමයි. අපට මුළු ලෝකෙම හදන්න බැහැ. අපි අපේ දරුවෝ මේ විෂම ලෝකේ පරිස්සම් කර ගත යුතුයි.

නැගී සිටින්න. එම ඥාතියාට පැහැදිලි කර දෙන්න. ඔබ දරුවාගේ අසතුටින් දරුවාගේ ශරීරය ස්පර්ශ කරන්න කිසිවෙක්ට අනුබල නොදෙන බව.

දෙවනුව දරුවට වෙනත් විදිහකින් ආදරය පෙන්වන්න කියා දෙන්න.

“ පුතා අත්තම්මිට අත දෙන්න කැමතිද? නැත්නම් ෆ්ලයින් කිස් එකක් දෙනවද”

“නැන්දිට ටටා කියනවද ? නැත්නම් අත දෙනවද?”

මේ හැම විදිහෙන්ම ඔබ කරන්නේ වැඩිහිටියාට ගරු කරන අතරේම ඔහුගේ /ඇයගේ තීරණ ගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමයි.

“නැහැ “ කිවීම ආරක්ෂා සහිත කිරීමයි.

කුඩා කාලෙම අකමැති දෙයට එපා කියන්නට සුදුසු පෞර්ෂයක් ගොඩනැගීම කියන්නේ දරුවාගේ වැඩිහිටි ජීවිතේට ලොකු පිටිවහලක්. ශරීරයේ පුද්ගලිකත්වය හැම වයසටම අදාලයි. ලොකු පොඩි කියල බේදයක් නැහැ.

No comments:

Post a Comment