Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, September 1, 2017

පරණ පෙම්වතාගෙන් තාම කරදරද ?

පරණ සම්බන්ධකමක් පවත්වපු පෙම්වතෙක් තවමත් ඔබ පිටුපසින් එනවද? ඇත්තටම මේක කිසිම ගැහැණු ළමයෙක්ට පහසුවක් නෙවෙයි. ඒ වගේම ඔබේ අනාගතයට නොයෙක් ඍනාත්මක බලපෑම් කරන්නත් මෙවැනි සිද්ධි හේතු වෙනවා. සම්බන්ධකමක් නැවැත්වුවා කියල සමහර මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. ඔවුන් අනෙක් කෙනාගේ තීරණයට ගරු නොකර දිගටම ඒ පුද්ගලයාගේ ජීවිතේ රැදී සිටිමින් පීඩාවට ලක් කරනවා.

1) සරල ඇත්ත කියන්න.

ඔබේ සම්බන්ධතාවයට තිත තබන්න වූන ඇත්ත හේතුව පැහැදිලිව පවසන්න. ඔහුගේ හිත රිදෙයි කියල බොරු හේතු කියන්න එපා. උදාහරනෙකට ඔබ ඔහුගේ පෞරුෂයට කැමති නැහැ යයි සිතන්න අපේ අම්මා කැමති නැති වෙයි කියල ඔහුගේ හිත නොරිදවා ඉන්න එපා. මොකද එවිට ඔහු නැවත බලාපොරොත්තු ඇති කරගෙන ඔබ පසුපසින් දිගටම පැමිණේවි.

ඒ වගේම ඔහු සත්‍යය තේරුම් ගත නොහැකි ලාමක පුද්ගලයෙක් නම් හෝ ඔබ කෙරෙහි විශාල ලෝභයකින් බැඳී ඇත්නම් කළ යුතු හොඳම දෙය සියලුම ආකාරයේ සන්නිවේදන මාර්ග අහෝසි කිරීමයි.

2) නොසලකා හරින්න

ඔබ ඇත්තම කියල තියෙද්දිත් තව දුරටත් කතා කරනවා නම් හොඳම දේ උත්තර නොදී ඉඳීමයි. ඔහුගේ දුරකථන අංකය බ්ලොක් කරන්න, FB එකෙනුත් බ්ලොක් කරන්න, e-mails වගේ හැම තැනකින්ම බ්ලොක් කරන්න. නැත්නම් ඔහුට උත්තර දෙන්න ඔබේ අයියට , තාත්තට හෝ වෙනත් පිරිමි යාලුවෙකුට දෙන්න.

මේ පුද්ගලයා ඔබේ කාර්යාලය ඉදිරිපිට , ගෙදර ඉදිරිපිට පැය ගණනක් හිටගෙන ඉන්නවා වගේ දෙයක් වෙනවා නම් හොඳම දේ අම්මා හරි , වෙනත් යහළුවෙක් එක්ක හරි මිස තනියම එලියට නොයා සිටීමයි.

3) ඔබ අලුත් ජීවිතයක් පටන් ගෙන ඇති බව හැගෙන්න ඉඩ දෙන්න.

ඔබට අලුත් පෙම්වතෙක් ඉන්න පුළුවන්, නැත්නම් ඔබ සතුටින් පරණ තනි ජීවිතේ ගෙවනවා වෙන්න පුළුවන්, ඔබව විවාහ වෙන්න දෙමාපියෝ යෝජනා හොයනවා වෙන්න පුළුවන්. මොකක් වුනත් ඔබේ සතුට සාර්ථකත්වය ඔහුට ආරංචි වෙන්න දෙන්නගෙම යහළුවන්ට කියන්න. එවිට ඔහුටත් ඉක්මනින්ම එකට එක කරන්න අවශ්‍ය වේවි. ඔබෙන් වෙන් වේවි.

4) පොලිසියේ සහය ලැබීම

ඇතැම් විට ඔහු ඔබට තර්ජනය කරන්න පුළුවන් ඔබේ චායාරුප අන්තර්ජාලයට මුදා හරින බවට හෝ මරණ බවට හෝ අලුත් සම්බන්ධකම කඩා ඉහිරවන බවට. මෙවැනි අවස්ථාවල යා යුතු හොඳම තැන කාන්තා හා ළමා කාර්යාංශයයි. සම්බන්ධතාවක් නැවැත්වූ පමණින් ඔබට මෙවැනි දඬුවම් දෙන්නට ඔහුට හෝ ඔහුගේ මිතුරන්ට කිසිම අයිතියක් නැහැ. නීතිය සිටින්නේ ඔබ සමගයි. ඔබ වහාම පොලිසියේ පැමිණිල්ලක් කළ යුතුයි. එවිට ඔහුට විරුද්ධව නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වේවි.

No comments:

Post a Comment