Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Friday, September 1, 2017

පොඩ්ඩට අත උස්සන්න කලින් ටිකක් සිතන්න……..

“ඊයේ ඔෆිස් එකේදී මට හොඳටම තරහ ගිහින් ඉද්දි, ගෙදර ගිහාම පුතා මගේ පර්ෆියුම් එකක් බිඳලා….
පස්ස පැත්ත පැලෙන්න දෙකක් දුන්නා……….
ඇයි අනේ මට තියන කරදර මදිවට.
කන්නෙත් නැතුව ඇඳට ගිහින් නිදා ගෙන. පස්සේ දුකත් හිතුනා. හැබැයි හොඳ පාඩම අයෙත් නම් මගේ බඩු අදින එකක් නැහැ……”

මෙහෙම කියන මිතුරියෝ ඔබට හමු වෙලා ඇති. සමහර විට ඔබටත් මෙහෙම අත්දැකීම් ඇති. කැඩුන සුවඳ විලවුන් බෝතලේ වටිනාකම රුපියල් දාහක් කියමුකෝ. නමුත් පොඩ්ඩාගේ බිඳුන අහිංසක හිත මිල කරන්න නම් බැහැ.

ඔබේ කාර්යාලයේ ප්‍රශ්න, ගෙදර වැඩ, සැමියාගේ අවධානය අඩු වීම නිසා ඔබ ලොකු පීඩනයකින් ඉන්න පුලුවන්. මේ වගේ වෙලාවට පොඩ්ඩ නරක වැඩක් කරොත් ඔබට හොඳටම තරහ ගිහින් දරුවට ගහනවද? ආසියාතික මානසිකත්වයකින් හික්මෙන අපේ වගේ රටක දරුවෙක්ට පහර දීම දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ සහ ගුරුවරුන්ගේ අයිතියක් ලෙස සැලකෙනවා. දරුවාව යහමගට ගන්න, මුරණ්ඩු කම අඩු කරන්න වගේ හේතුත් මේ සමග ගොඩක් අම්මල තාත්තල ඉදිරිපත් කරනවා.
ළමා මනෝ විද්‍යාවෙන් කියන විදිහට දරුවන්ට පහර ශාරීරික දඬුවම් පමුණුවද්දී ඇතිවෙන ප්‍රතිපල පහත දැක්වෙනවා.

1) ශාරීරික දඬුවම් දරුවන්ව ආවේගකාරී බවට පත් කරනවා

අධ්‍යනයන්ට අනුව අවුරුදු තුනේදී කායික දඬුවම් වලට ලක් වුන දරුවෙක් , අවුරුදු පහ පමණ වෙන විට වඩාත් කලහකාරී , මුරණ්ඩු ගති ගුණ පෙන්වනවා. කලහකාරී වැඩිහිටියෙක් බැලුවහමත් බොහෝ විට ළමයි වශයෙන් කායික පීඩා වලට ලක් වුන අය තමයි.

2) දරුවෝ වරද හදා ගන්නේ නැහැ. ( එහෙම පෙන්වනවා)

ඇත්තටම සුවඳ විලවුන් බෝතලේ කඩපු දරුවා නැවත ඒ දෙය නොකරාවි. එය ඔබට සහනයක් වේවි. නමුත් හිතන්න එපා ප්‍රශ්නය එයින් විසඳුනා කියල. බය නිසයි ඔවුන් එම ගැටළු කාරී හැසිරීමෙන් වැළකෙන්නේ. ඔබ නොමැති මොහොතක නැවත ඉතාම නරක අයුරින් එහි යෙදෙයි.

3) කායික හිංසා වලට ලක් වුන දරුවෝ අනාගතේදී තමාගේ දරුවන්ටත් කායික වද හිංසා පමුනවනවා.

මෙවැනි දරුවන් අපරාධ වලට නැඹුරු වීමේ ඉඩ වැඩියි. ඒ වගේම තමන්ගේ යාලුවෝ අතරේ, සහෝදරයෝ අතරේ කායික හිංසා කරන දරුවෝ බොහොමයක් කුඩා කළ මාපියන්ගෙන් පහර කන අය. අනෙක් කනගාටු දායකම දෙය තමයි, ඔවුන් කවදා හරි දෙමාපියෝ උනාමත් තමාගේ දරුවන්ට පහර දීමෙන් තමයි හික්මවන්නට හිතන්නේ.මේක දුෂ්ට චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

4) දරුවෝ ලොකු උනාම පෞර්ශ අබාධ වලට ලක් වෙනවා.

මානසික අවපීඩනය, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම , අධිකව තරහ යාම වැනි මානසික අබාධ වලට ලක් වෙන්න පහර කෑමට ලක් වුන දරුවෝ වැඩිහිටියෝ ලෙස ලොකු අනතුරකට මුහුණ දෙනවා. සියදිවි නසා ගැනීම් වලට පවා පළමුව හේතු වෙන්නේ කුඩා කළ ඇති වුන මෙවැනි අමිහිරි අත්දැකීම් තමයි.

5) දරුවන්ගේ මොලයේ හැකියාවන් හායනයට ලක් වෙනවා.

කුඩා කාලේ නොනවත්වා ( මසකට වරක් පමණ) වසර තුනක් තිස්සේ දරුවෙක් කායික දඬුවම් වලට ලක් වුනොත් මොලයේ පැහැදිලිවම වෙනස්වීම් හට ගන්නවා. අවපීඩනය , ඇබ්බැහි වීම් සහ වෙනත් මානසික අබාධ වලට හේතු වන ප්‍රදේශ අවධි වෙනවා.

බොහෝ අධ්‍යනයන්ට අනුව කායිකව දඬුවම් කරන ලද දරුවන් වැඩිහිටියන් ලෙස නොයෙක් සංකුලතා වලට මුහුණ දෙනවා. ඒ වගේම ඔවුන් සිතනවා ඕනෙම ප්‍රශ්නයක් විසඳන්න ඇති හොඳම ක්‍රමය හිංසාවට පත් කිරීම කියල. අපේ දරුවන් අප හදන්නේ යහපත් මිනිසුන්ව මතු අනාගතයේ ලෝකය බබලවන්නට නම් කායික දඬුවමින් තොරව දරුවන් හික්මවන්නට අම්මල වශයෙන් ලොකු වගකීමක් තිබෙනවා.
ඔබට දැනෙනවා නම් ඔබට ඇති පීඩනය වැඩියි කියල සැමියත් එක්ක කතා කරලා කිසයම් විසඳුමකට එන්න. ඖෂධ ප්‍රතිකාර, උපදේශනය වැනි ක්‍රම මගින් ඔබේ පීඩනය පාලනය කර ගන්න. එය මල් වැනි පුංචි දුව හෝ පුතා පිටින් යවන්නට එපා.

No comments:

Post a Comment