Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Monday, September 18, 2017

‘‘නංගීට දැන් අපේ නම් මතකත් නැත්ද‘‘ එක් රැයකින් ජනප්‍රිය වූ ඔශානී සංදීපාට මුල්ම ගීතය හදලා දුන්නු ඩිලාන් ගමගේ, ඔශානීට රිදෙන්න කියපු කතාව .


කලකට ඉහතදී උපකාරක පන්තියක ගීතයක් ගායනා කර සමාජජාල තුල විශාල ජනප්‍රියත්වයක් දිනාගත් තරුණියක් වන ඕශානී සංදීපා දැන් ශ්‍රී ලංකාවේ නැගි එන යොවුන් ගායිකාවකි.

කෙසේ වෙතත් කිසිවෙකුත් ඇය නොදැන සිටි සමයේ , ඇය හට මුල්ම ගීතය සදා දුන් ගීත රචක ඩිලාන් ගමගේ විසින් ඔශානී සංදීපා පිළිබදව සිය ෆෙස්බුක් ගිණුමේ තැබු සටහනක් කතාබහට ලක්ව තිබේ.

කිසියම් වෙබ් අඩවියක් හා සංවාදයකට එක්ව තිඛෙන ඔශානී සංදීපා සිය මුල්ම ගීතය පිළිබදව සදහන් කිරීමේදී , එම ගීතය පද රචනා කළ ඩිලාන් ගමගේ සහ තනු නිර්මාණය කළ අශාන් ප්‍රනාන්දු හදුන්වා දුන් අකාරය මෙලෙස ඩිලාන් ගමගේ විවේචනය කොට තිබුනා. එහිදි ඇය ඩිලාන් ගමගේ සහ අශාන් ප්‍රනාන්දු හදුන්වා දී තිබුනේ zzසිංදුව ලියපු අයියා සහ මෙලඩි එක කරපු අයියාZZ යනුවෙනි.

ඕෂානි සන්දීපා විසින් ගායනා කර ජනප්‍රිය වූ ,අවසාන ප්‍රේමයයි මාගේ, ගීතය රචනා කලේ ඩිලාන් ගමගේ විසින් වන අතර එය ගායනා කලේ දිමංක වෙල්ලාල විසින්. ඇගේ දක්ෂතාවය හදුනාගැනීමෙන් පසුව ඩිලාන් විසින් ඇය වෙනුවෙන්ම පෙර ගීතයට ප්‍රතිපිළිතුරු ගීතයක් රචනා කර ඇය ලවා ගායනා කරවූ අතර ඔහු ඒ වෙනුවෙන් ඇයට සියලු පහසුකම් සළසා තිඛෙන බවද වාර්තා වේ. එම ගීතයේ සංගීත නිර්මාණය කලේ අශාන් ප්‍රනාන්දු විසින්ය. එම ගීතය ඉතා ඉහළින් ජනප්‍රියවූ අතර ඕෂනි සන්දීපාට ගායන ක්ෂේත්‍රයේ ඇයගේ සළකුණ තැබීමට ඒ හරහා හැකිවිය.

ඩිලාන් ගමගේ සිය ෆෙස්බුක් ගිණුමේ තැබු සටහන

No comments:

Post a Comment