Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, June 29, 2017

රටඉඳි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය-:

සීනි ග්‍රෑම් 250
මාගරින් ග්‍රෑම් 250
රට ඉඳි ග්‍රෑම් 500
බිත්තර 4යි
පිටි ග්‍රෑම් 250
කුඩාවට කපාගත් කජු ග්‍රෑම් 125
කිරි අඬු කෝප්ප 1
බේකිං පවුඩර් තේ හැඳි 2
බේකිං සෝඩා තේ හැඳි 1
ආමන්ඩ් එසෙන්ස්
තේ හැඳි 1/2
වැනිලා තේ හැඳි 2

සාදන ආකාරය -:

රටඉඳිවල ඇට ඉවත් කර ගන්න. එය බඳුනකට දමා කිරිවලට බේකිං සෝඩා දියකර එයට දමා පැය 3ක් පමණ පෙළෙන්නට හරින්න. ඉන්පසු හොඳින් ‍පොඩි කර ගන්න. පිටිවලට බේකිං පවුඩර් මිශ්‍ර කර තුන් වරක් පමණ හලා ගන්න. මාගරින් සහ සීනි එකට දමා ක්‍රීම් එකක් වනතුරු ගසා ගන්න.
එයටම බිත්තරය බැගින් දමමින් නැවත ගසා ගන්න. දැන් ‍පොඩිකර ගත් රටඉඳි දමා හොඳින් ගසා පිටි මිශ්‍රණයෙන් ටික ටික දමමින් මිශ්‍ර කර ගන්න. කජුවලින් කොටසක්ද, වැනිලාද, ආමන්ඩ් එසෙන්ස් ද එකතු කරන්න.
දැන් මිශ්‍රණය සකස් කර ගත් තැටියක දමා ඉතිරි කජු කැබලි උඩින් ඉස ගන්න. 300ංජ උෂ්ණත්වයේ විනාඩි 25-30 පමණ බේක් කර ගන්න.

No comments:

Post a Comment