Gossip Lanka News - Gossip Lanka News | Ex Gossip | Latest news from Sri Lanka

Thursday, June 29, 2017

සිරුරට අත්‍යාවශ්‍ය කැල්සියම් ගැන හරියටම දැනගනිමු

මිනිස් සිරුරේ ඇති අස්ථි පද්ධතිය මෙන් ම දත් දෙපළ ද නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ම කැල්සියම්වලින්. අස්ථි පද්ධතිය සහ දත් වලට අමතරව රුධිරය, මාංශපේෂි මෙන් ම මිනිස් සෛල අතර ඇති පටක තරලය තුළ ද කැල්සියම් අඩංගු වෙනවා.

ඉතින් මෙහෙම බලනකොට පැහැදිලි වෙන්නේ අපේ ශරීරයේ විශාල ප්‍රමාණයක කැල්සියම් අඩංගුවන බව. පෝෂණය ගැන කතා කරනකොට කැල්සියම් කියන්නේ අත්හරින්න බැරි මාතෘකාවක් කියන එක දැන් ඔබට වැටහෙනවා ඇති.

කැල්සියම් කියන්නේ කෙනෙක් ඉපදුණු දිනයේ පටන් මරණයට පත්වන තුරු ම එම පුද්ගලයාගේ ශරීරයට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක්. මිනිස් සිරුරට කැල්සියම්අ වශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණවලින්, ඒ කියන්නේ මිලිග්‍රෑම්වලින්. සුළු ප්‍රමාණයෙන් අවශ්‍ය වුණත් මේ මෙම ක්ෂුද්‍ර පෝෂකයෙන් ශරීරයට වන මෙහෙය නම් කොහෙත්ම සුළු ප්‍රමාණයක් නෙවෙයි.

ඉපදී මිය යනතුරුම කෙනෙක්ගේ අස්ථි පද්ධතිය නිරෝගීව හොඳින් පවත්වාගෙන යාමට, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් හොඳින් පවත්වාගෙන යාමට, මිනිස් සිරුරේ රුධිර නාළ සහ මාංශ පේශිවල සංකෝචනය සහ ඉහිල්වීම හොඳින් සිදුවීමට, ශරීරයට අවශ්‍ය විවිධ වූ හෝමෝන සහ එන්සයිම ශ්‍රාවය කිරීමට මෙන් ම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ද කැල්සියම් උපකාරී වෙනවා.
කැල්සියම් නිසි පරිදි ලබා ගැනීම

කැල්සියම් නිසි පමණ ශරීරයට ලබාගැනීම මෙතරම් අවශ්‍ය නම් එය ලබාගත යුත්තේ ආහාර මගින් වන අතර ආහාර වලට අමතරව පෙති ලෙස කැල්සියම් ලබාගැනීම කිසි විටෙකත් වෛද්‍ය උපදෙස්වලින් තොරව සිදුකිරීම කිසිසේත්ම නොකළ යුතුයි.

කැල්සියම් බහුල ආහාර

  • හාල්මැස්සන්
  • කිරි
  • මුදවපු කිරි
  • කූනිස්සන්
  • දිවුල්
  • නෙලුම් අල
  • තද කොල පැහැති පලා වර්ග
  • මුරුංගා

කැල්සියම් වැඩිපුර ගැනීම

කිසියම් පුද්ගලයකුට දිනකට අවශ්‍ය වන උපරිම කැල්සියම් ප්‍රමාණය මිලිග්රෑම් 2000 ක්. ඊට වඩා වැඩි කැල්සියම් ප්‍රමාණයක් දිනකට ගැනීම ද ගැටලු රැසකටම හේතු වන බව හෙළි වෙලා තියෙනවා. ඒවායින් කිහිපයක් නම්,

වකුගඩු නාළවල සියුම් බිඳීම් ඇතිවීම
වකුගඩුවල ගල් නිර්මාණය
කැල්සියම් තැන්පත්වීම නිසා ශරීරයේ නම්‍යතාවට වන බලපෑම

යම් යම් හේතූන් නිසා ශරීරයට කැල්සියම් උරා ගැනීම වැඩි, අඩු වීමට ඉඩ තිබෙන බව කියන්නම ඕන. අප ගන්නා ආහාර වේලෙහි මස් මාංශ වැඩි නම් ශරීරයට කැල්සියම් උරා ගැනීමේ හැකියාව වැඩිවන අතර ආහාරයේ ෆයිටේට් ප්‍රමාණය වැඩි නම් කැල්සියම් ශරීරයට උරා ගන්නා ප්‍රමාණය අඩුවෙනවා. එමෙන් ම තේවල ඇති ටැනීන්, ශරීරයට උරාගන්නා කැල්සියම් ප්‍රමාණය අඩු කිරීමට හේතුවෙනවා.

පෙති මගින් කැල්සියම් ලබාගන්නවාට වඩා ආහාර මගින් කැල්සියම් ලබාගැනීම තමයි ඉතාම සුදුසු වන්නේ. එයට හේතුව වන්නේ ආහාරයකින් අපට කැල්සියම් වලට අමතරව තවත් පෝෂ්‍ය පදාර්ථ රැසක් ම ශරීරයට ලැබීම. විශේෂයෙන් ම කැල්සියම් බහුල ආහාරවල තන්තු ප්‍රමාණය අනෙක් ආහාරවලට වඩා වැඩි නිසා ආහාර මඟින් ම කැල්සියම් ලබා ගැනීම ඉතාම සුදුසු බව වෛද්‍ය මතයයි.

No comments:

Post a Comment